ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවත්රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් පැවැත්වීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවේදී කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ද්විපාර්ශ්වීය කරුණු මෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර පුද්ගල හුවමාරු කිරීම් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජනනාත් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.