කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ හා නීති රීතිවලට සමගාමීව මගි ප්‍රවාහන බස් රථ වල ගෙන යා හැකි අවම මගීන් සංඛ්‍යාවට වැඩියෙන් මගින් ගෙන යන බස්රථ පරික්ෂා කිරීම සඳහා විශේෂ කඩාපනින ඒකකයක් ස්ථාපිත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .
ආණ්ඩුකාරවරයා ඒ බව සඳහන් කර සිටියේ අද (08) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී පැවති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
එහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පළාතේ සියලුම රාජ්‍ය ආයතන තුලත් ක්‍රියාවට නංවන ලෙස ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බවයි .
ඒ අනුව රාජ්‍ය ආයතන වල මීට පෙර පැවති සෞඛ්‍යය ක්රමෝපායන් සියල්ලක්ම නැවතත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසීය .
පාසල් කාල වේලාවන්හිදී නගරයේ පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර නගරය තුළ පාසල් සිසුන් සඳහාම වෙන්වූ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙන බව ද ඒ සඳහා විදුහල්පතිවරුන්ගේ අදහස් විමසා තිබෙන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය .