හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි දේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබි අද (21) දින හමුවු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහලින් තේ වත්තේ මියගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මියගිය කදුකර කොටි දේනුවගේ සිරුර සොයා ගැනිමට වනජිවි නිලධාරින් සමත් වි ඇත.
අවු 06ක් පමණ වයසැති කොටි දේනුව හොදිනු වැඩුණු සතෙකු බවත් , කොටි දේනුවගේ හිසට වෙඩි තුනක් වැදි ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
කොටි දේනුවට වෙඩි තබා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් , මියගිය කොටි දේනුව සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටි දේනුවගේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.