ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 පරීක්ෂණ වැඩිකිරීම එරට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වූ බවට වූ ප්රලාපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් පුනරුච්චාරණය කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් මෙම අදහස යළිත් ඉස්මතු කර තිබුණද, ට්‍රම්ප්ගේම නිලධාරීන් මෙන්ම, ඔහුගේ රිපබ්ලිකන් සගයන්ද පිළිගෙන ඇත්තේ පසුගිය මාසය තුළ ආසාදන ගණන අහස උසට නැගීමට හේතුව ඉහළ යන පරීක්ෂණ සංඛ්‍යාව නොවන බවය.
මේ අතර එක්සත් ජනපදයේ කොවිඩ්-19 අසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5 ඉක්මවා ගොස් තිබේ.
එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 4,556,232ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 153,268ක් වෛරසයෙන් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.