චීනයේ එන්නත් බෙදාහැරීම ආරම්භ වූ විට අත්‍යවශ්‍ය හා වැඩි අවදානමක් දරණ වෘත්තීන් හි නියැලෙන කණ්ඩායම් වෙත කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබාදෙන එන්නතට පිවිසීමේ පළමු අවස්ථාව හිමිවනු ඇතැයි එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියා පවසයි.
ඒ අනුව මුලින්ම එන්නත් මාත්‍රාව ලබාදෙන මෙම ප්‍රධාන ජන කණ්ඩායම්වලට ඇතුළත් වන්නේ,
1. සිසිල් දාම සැපයුම් කම්කරුවන්
2. රේගු දේශසීමා පරීක්ෂා කිරීමේ වෘත්තිකයන්
3. වෛද්‍ය රෝග පාලන වෘත්තිකයන්
4. මාංශ වෙළෙඳ පොළ, මුහුදු ආහාර වෙළෙඳ පොළ සේවකයන්
5. පොදු ප්‍රවාහන සේවකයන්
6. මධ්‍යම හා අධි අවදානම් සහිත රටවලට යන සිසුන්
දෙවැනි පියවර වනුයේ එන්නත් නිෂ්පාදනය වැඩි වනවිට විශාල ජනගහනයකට ප්‍රතිශක්තිකරණය ලබා දීමය.
චීනයේ දැනට සමාගම් හතරක කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයින් 5 දෙනෙකු සිටින අතර ඔවුන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් කරා ළඟා වී තිබේ. එන්නතක නියාමන අනුමැතිය ලබා ගැනීමට පෙර පරීක්ෂණයේ අවසාන හා වැදගත්ම පියවර මෙයයි.
චීනයේ රට තුළ ඇති කොවිඩ්-19 වෛරසය බොහෝ දුරට තුරන් කිරීමෙන් පසුව, චීන ඖෂධ නිෂ්පාදකයින්ට සිය එන්නත්වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා වෙනත් රටවල ස්ථාන සොයා බැලීමට සිදු විය. ඔවුන් එක්ව අවම වශයෙන් රටවල් 16 ක තුන්වැනි අදියර අත්හදා බැලීම් කර ඇති අතර, ඇතැම් එන්නත් දැනටමත් යම් යම් රටවල අනුමැතියත් ලබාගෙන තිබේ.