වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද (11දා) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ.
වීරකැටිය ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසක් පමණ ඊයේ සේවයෙන් ඉවත්ව සිටියහ. පසුගිය මස 20 වැනිදා සිට තමන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු කළ අතර තමන්ට මෙම මාසයේ මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කර ඇතැයි ලද තොරතුරු හේතුවෙන් තමන් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සේවකයෝ කියති.
වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ අද ඇඟලුම් කර්මාන්තශාලා භූමිය තුළ රැඳි සිටිමින් වර්ජනයේ නිරත වූ අතර මූලික වැටුප සම්පූර්ණයෙන් තමන්ට ලබා දෙන ලෙස සේවකයෝ ඉල්ලා සිටිති.
අප මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ පාලන අධිකාරියගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.
කෙසේ වුවද කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට දෙදෙනකු අතර මීටරයක දුරක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරින් ජනතාවට උපදෙස් දුන්නද වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ එය අනුගමනය කර නොසිටි ආකාරය දක්නට හැකිවිය.
අනීෂා මානගේ