ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දය ගණන් කිරීමේදී වංචාවක් සිදුවන බවත්, සියලු ඡන්ද ගණනය කිරීම නැවැත්විය යුතු බවත් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ පුරෝකථනය කරන ලද ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ජෝ බයිඩන් ඉදිරියට පැමිණ ඇති පසුබිමක ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
"මිලියන ගණනක් සහ මිලියන ගණනක් ජනයා අපට ඡන්දය දුන්නා" ට්‍රම්ප් නැගෙනහිර කාමරයේදී පැවසීය. "ඉතා අවාසනාවන්ත පිරිසක් ඒ ජනතාවගේ ඡන්ද අයිතිය වංචා කිරීමට උත්සාහ කරනවා."
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ප්‍රකාශය නොමඟ යවනසුලු ප්‍රකාශ සහ මුලුමනින්ම අසත්‍ය ප්රකාශයන්ගෙන් සමන්විත වූ බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි. එය ඩිමොක්රටික් ක්‍රියාවලියට පහරදීමක් ලෙසද සැලකිණි. සැලකිය යුතු කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් තවමත් ගණන් කර නොතිබුණු පරිසරයක, ට්‍රම්ප් මේ ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම ඔහු දැනටම පරාජය වන මාවතකට පිවිස ඇති බව ඉඟි කරන්නක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
"අපි විශාල සැමරුමකට සූදානම් වෙමින් සිටියා. අපි සියල්ල ජය ගනිමින් සිටියා. හදිසියේම එය අත්හිටුවනු ලැබුවා" ඔහු පැවසීය.
ට්‍රම්ප් පදනම් විරහිතව කියා සිටියේ වංචාවක් සිදු වන බවය.
"මෙය ඇමරිකානු මහජනතාවට කරන වංචාවක්. මෙය අපේ රටට ලැජ්ජාවක්" යැයි ට්‍රම්ප් කියා සිටියේය.
"අවංකවම අපි මේ මැතිවරණය ජයග්‍රහණය කළා" තමා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පැවසූ ට්‍රම්ප් කියා සිටියේ සියලු ඡන්දය නතර කිරීම තමාට අවශ්‍ය බවය.