උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විගේනේෂ්වරන් සහ උතුරු පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි ශෂීදරන් සහ පී. ෂිවනේෂන් යන මහත්වරුන්ට එළඹෙන 18දා යළි අධිකරණය හමුව් පෙනී සිටින ලෙස අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (07දා) නියෝග කළේය.
අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විත්තිකරුවන් තිදෙනා අද (07දා) අභියාචනාධිකරණයට කැඳවූ අවස්ථාවේදී විනිසුරු වරයා මෙම නියෝගය නිකුත් කළේය.
උතුරු පළාත් ඇමතිවරයකු ලෙස කටයුතු කළ බී. ඩැනීෂ්වරන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය අගෝස්තු මස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේෂ්වරන් මහතා විසින් නිකුත් කර තිබු ලිපිය ක්‍රියාත්මක කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් 09 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය