යහපාලන ආණ්ඩුවක් ගෙන ආ කොමිසන් සභා කිසි විටෙක ස්වාධින නොවු බවත් එනිසා ඉදිරියේදි ස්වාධිනත්වය රැකෙන පරිදි යම් යම් වෙනස්කම් ඉදිරි සංශෝධනය හරහා කිරිමට බලාපොරෝත්තුවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොමිසන් සභා පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් දස දෙනාගෙන් හත් දෙනෙකු යහපාලන කණ්ඩායමේ බවත් එහි සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
ස්වාධිනයි කියු මෙම ආයතනයන් මුලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කර ඇතැයිද ඒ නිසා ඒවා නිවරැදි කිරිම ඉදිරියේදි සිදු කරන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තොරතුරු දැනගැනිමේ පනත,ජනාධිපති ධුර කාලය වසර පහකට සිමා කිරිම ,දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට නොහැකිය යන කරුණු විසි වන සංශෝධනයට ඇතුළත් කිරිමට කටයුතු කරන බවත් රටෙහි ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දි ඇත්තේ එලෙස රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සදහා කටයුතු කිරිමට බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
විග්නේෂ්වරන් මෙන්ම ගජේන්ද්ර පොන්නම්බලම් කල ප්‍රකාශයන් ජාතිවාදි ප්‍රකාශයන් ලෙසත් ජාතික සමඟියට ප්‍රභලව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙසත් තමන් එය දකින බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.