මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැති කර මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රි ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස් .බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි දිසානායක මහතා ඒ බැව් කියාසිටියේ අද (01) දින මස්කෙළිය මවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පුජාවකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ
ජනාධිපතිවරණයේදිත්,මහ මැතිවරණයෙදිත් අපි ලබාදුන්න පොරොන්දු එකමයි. සෞභාග්‍යමත් ශ්‍රි ලංකාවක් බිහි කිරිමයි. කෙටිකාලින , මධ්යමකාලින , දිර්ඝකාලින සැලසුම් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එම වැඩසටහන් අපි එලෙසම ඉදිරියට රැගෙන යනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විවිධ අය ඉන්න පුළුවන්. බන්ධනාගාර වලින් මෙහෙයවලා තියෙනවා.මත්ද්‍රව්‍ය මර්දනය සදහා පත් කරලා තිබුණු නාකොටික් බ්ලුරෝ එකෙනුත් මේක මෙහෙයවලා තියෙනවා. පතාලයේ නායකයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට සහ විදේශිය රටවල සිදු කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාමත් වේගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරිමට කටයුතු කරගෙන යනවා . මේක කවුරු මෙහෙය වුවත් ඉතාමත් ඉක්මනින් අපි මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රි ලංකාවක් බිහි කරනවා.
වනාන්තර එලිපෙහෙලි කිරිම , විනාශ කිරිම බරපතල වරදක් . පුරාවිද්‍යාත්මක දේවල් විනාශ කිරිම බරපතල වැරදි ඒවට හරියට නිතිය ක්‍රියාත්මක වෙයි. ඇමතිකම් ලැබුණද නැද්ද කියන එකයි , ලබාදුන් පොරොන්දු ඉටු කිරිමයි දෙකක්.
මම නුවරඑලිය ජනතාවගේ ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් කරලා වැඩ කරන්න වරමක් ලබා දිලා තියෙනවා. එ නිසා මම ඒ වරම උපරිම ප්‍රයෝජනයට ගනිමින් ලබා දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා.
මට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු භාර දිලා තියෙනවා . මම ඒක ශක්තියක් කරගෙන වැඩ කරගෙන යනවා. ඇමතිකම් දෙනවද නැද්ද කියන එක මට අදාල නැ.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නැති කාලයේ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති විධායක ක්‍රමය හදුන්වලා දෙන වෙලාවේ , අනුපාත ක්‍රමය හදුන්වලා දෙන වෙලාවේ තමයි අපි මේක කිව්වේ.
එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිව්ව පොරොන්දු , එදා මැතිනිය දුන්න පොරොන්දු , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු , ඉටු කරන්න 1978 ව්‍යවස්ථාවෙන් පසුව ලබාදුන් ප්‍රථම ජනවරම මේවරයි.
අපිට 151 තියෙනවා ඒ නිසා අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් , මැතිවරණ ක්‍රමයක් ඇති කිරිමට අවශ්‍ය ඉඩ කඩ තියෙනවා. 20 වෙනි සංශෝධනය රැගෙන ඒමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා . ඉදිරි දෙසතිය තුල අපි ඒක පාර්ලිමෙන්තුවට ගේනවා.
විග්නේෂවරන්ට ඕනි නැති කතාවක්නේ කිව්වේ . ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න එයා පණ්ඩිතයෙක් නෙවෙයිනේ.එයා විනිසුරුවරයෙක් . එයාට වඩා මේ රටේ ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න ඕනි තරම් පඩිවරු , පුරාවිද්‍යාඥයින් , භාෂා විශේෂඥයින් ඉන්නවා. එයා මුලින්ම සිංහල , දෙමල භාෂාව කතා කරන්න පුරුදු වෙන්න කියන්න . එයාගේ ළමයින්ට දෙමළ භාෂාව කතා කරන්න පුරුදු කරන්න කියන්න.
එතුමා කල ප්‍රකාශය වැරදි. ඒක ද්වේෂ සහගතයි . සිංහල දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් හදන එකක් ඒක , සියලු ජාතින් එකට ඉන්න රටේ ජාතිවාදි බේද ඇති කිරිම දේශද්‍රෝහි ක්‍රියාවක්. විග්නේෂ්වරන් ඔය කරන්නේ උතුරේ ප්රභාකරන්ගේ තොටිල්ලේ හැදුණු දරුවන් සනසවන්න තමයි ඔය ප්‍රකාශ සිදු කරන්නේ. එවා ඇත්ත සටන් පාඨ නෙවෙයි.