රටේ මහජනතාවගේ බදු මුදල්වලින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විගණනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් එහි ඇති එකම අරමුණ මහජන මුදල් සොරාකෑම බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව කියාසිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා ,
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ නායකයා, රාජ්‍ය නායකයා සේනාධිනායකයා ,කැබිනට් මණ්ඩලයේ නායකයා . ඔහුට තවත් මේ රටේ නායක තනතුරු රැසක් තිබෙනවා. ඔහුට පාර්ලිමේන්තුවෙත් තුනෙන් දෙකක් තිබෙනවා. ඒ වගේම ඔහුගේ වියත්මග මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
ඔවුන් දැන් කියන්නේ මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමටලූ. එය මොන තරම් විහිළුවක්ද ? විකාරයක්ද? ඔහු දැනටමත් ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඔහුගේ සහෝදරයා මේ රටේ අග්රමාත්යවයා. තවත් සහෝදරයෙක් මේ රටේ ආර්ථික කටයුතු සම්බන්ධ ප්‍රධානීයා වන්නේ. තවත් රාජපක්ෂලාත් ඕන තරම් සාටක පැළදගෙන පාර්ලිමේනතුවේ ඉන්නවා.
ඇයි මේ හදිසිය.ඇයි මේ එකාධිපති වියරුව කියල අහන්න අප කැමැතියි. අපට ආණ්ඩුව දැන් වේදිකාවක් හදල දීලා තිබෙනවා.
ආණ්ඩුව අපට දැන් දේශපාලනික වශයෙන් සෙල්ලම් කිරීමට පිටියක් සකස් කර දී තිබෙනවා. පැවැති ආණ්ඩුව , එයට අපේ ආණ්ඩුව කියන්න මම කැමති නැහැ. ඒ ආණ්ඩුවේ සිදුවු බැදුම්කර වංචාව නිසා එම ආණ්ඩුවට අත්වු ඉරණමම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිසා අත්වන බව කියන්න කැමැතියි.