ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇතිකර තිබෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාදිතයන් 484 දෙනෙකු ගෙවීගිය දිනයේ හඳුනාගෙන තිබේ.
එමෙන්ම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට අනුව තවත් ආසාදිත මරණ 2ක්ද ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. මෙම පළාත තුළ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.
මෙල්බර්න් හි වෙසෙන ජනතාවට දැනට තම නිවෙස්වලින් පිටව යා හැක්කේ ආහාර සහ අත්‍යවශ්‍ය සැපයුම්, වෛද්‍ය හේතු, ව්‍යායාම සහ රැකියාව හෝ අධ්‍යාපනය සඳහා පමණක් වන අතර, රැකියාව හෝ අධ්‍යාපන කටයුතු නිවෙස් තුළ සිටම සිදුකිරීමටද දිරිමත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 12,444ක් වාර්තා වන අතර, මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 128කි.