වී මිලදී ගැනෑමේ සහතික මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප්‍රදානයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද රුපියල් 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා පැවැසීය.
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගනනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් ඒ අනුව සංශෝධිත මිළට අදාළ කැබිනටි පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවැසීය.