ශ්රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්රධානී එසාම් ඩ්රයාග් (Esam Dryag) මහතා, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා අද (11දා) එම කාර්යාංශයේදි හමුව්ය.
එහිදී එසාම් ඩ්රයාග් මහතා ප්රකාශ කර සිටියේ මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්ව ඇති අතර රටතුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්රී ලාංකික පුහුණු ශ්රමිකයින් සදහා එරට රැකියා අවස්ථාවන් ලබාගත හැකි බවයි.
මෙහිදි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ප්රකාශකරන ලද්දේ ඉතා කඩිනමින් මෙම අවස්ථාව ශ්රී ලංකාවට ප්රයෝජනවත් ආකාරයට යොදාගැනීමට කටයුතු කරන බවයි.