විදේශ රටවලින් පැමිණි ලිපි ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය ලිපි ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් තැපෑල තුළ ගොඩගැසී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මෙම ලිපි හෙට (28දා) සිට දින 03ක් ඇතුළත හිමිකරුවන්ට ලබාදෙන බවත්, මීට අමතරව තැපැල් කාර්යාලවලින් පිටත ඇති ලියුම් පෙට්ටි සියල්ලම හෙට දවස තුළ විවෘත කර පෙට්ටි තුළ තිබෙන ලිපි ලබා ගැනීම සිදු කරන බවද එම පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
විශ්‍රාම වැටුප් ගෙවීම, වැඩිහිටි දීමනා ගෙවීම ඇතුළු අතපසු වී ඇති සියලුම ගෙවීම් කටයුතු කඩිනමින් ලබාදෙන බවත්, අවශ්‍ය වුවහොත් දැනට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ කටයුත්තත් තාවකාලිකව ඉවත් කරන බවත් ඔහු පවසා සිටියේය.