ලැජ්ජ නැත්ද මහත්තයෝ - ගම්මන්පිල රනිල්ගෙන් අසයි
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලය තුළ අඩුකළ ණය බර නැවතත් වැඩි කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ජපානයෙන් ණය ලබාදීමේදී ශ්‍රී ලංකාවේ ණය නැවත සළකා බලන බවට ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
2005 දී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්නා විට රටේ ණය බර සියයට 103ක්ව පැවැති බවත් ඔහු පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 10ක පාලන කාලය තුළ සියයට 103 තිබූ ණය බව සියයට 72 පහත දැමූ බවත් ගම්මන්පිල මහතා පැවැසීය.
ඉන් අනතුරුව නැවතත් රට භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ණය බවර සියයට 72 සිට සියයට 87ක් දක්වා ඉහළ නැංවූ බවත් ගම්මන්පිල මහතා පැවැසීය.
“මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 2 සිට ට්‍රිලියන 7ට වැඩිවුණා. නමුත් යුද්ධය අවසන් කළා. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගණ, කාපට් මාර්ග, කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කළා.
පසුගිය පස් අවුරුදුද්දට ටිලියන 7 සිට ට්‍රිලියන 13ට වැඩි වුණත් ගොඩනගපු කිසිම වත්කමක් නෑ
එහෙෙව් අයයි රට ගොඩ දාන්න ආයේ රට දෙන්න කියන්නේ. රටේ ණය බර වැඩිකරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා රටේ ණය බර වැඩි නිසා ජපානය ණය දෙන්නේ නෑ කියනවා. ලැජ්ජ නැද්ද මහත්තයෝ.”
popular news
-
Nandana Tuesday, 07 July 2020 01:02 PM
Ane paw oyata Australia wen nayak ganna puluwanne podi gemak gahala
Reply : 0 0
Deepal Nirosh Tuesday, 07 July 2020 02:09 PM
පසුගිය අවුරුදු පහේ ගොඩනගපු වත්කමක් නෑ කියල ද කියන්නෙ? අනේ මේ ළිඳේ ඉන්න ගෙම්බ වගේ දූපත් මානසිකත්වයෙ ඉන්නෙ නැතුව පොඩ්ඩක් සිංගප්පූරුවට ගිහින් බලන්න කොහොම ද ගොඩනැගිච්ච වත්කමක මහත? පුළුවන් නම් තමුන් බලයට ඇවිත් අවුරුදු පහ ගෙවෙන්න කලින් සිංගප්පූරු වත්කම් හිමිය ලංකාවට ගෙන්වල පෙන්නන්න බලන්න.
Reply : 0 0
Rohitha Tuesday, 07 July 2020 08:47 PM
lajja nadda mahathoyo austrliyan karayata thibba pollata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
