ශ්රී ලාංකික පියෙක් හා ඔහුගේ දරුවන් දෙදෙනෙක් ඔවුන් ජීවිත්ව සිටි නිවසේදී මියගොස් සිටියදී චෙන්නායි පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අවුරුදු 38ක් වන හබීබ් රහ්මාන් හා ඔහුගේ අවුරුදු 6ක් හා 4ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.
චෙන්නායිහි මදුරාවෝයල්හි ඔවුන් පදිංචිව සිටි නිවසේදී තිබියදී පොලීසිය සිරුරු සොයාගෙන ඇත. රහමාන්ගේ බිරිඳ ඔහු සමග විරසකව ලංකාවේ ජීවත්වන බවටද තොරතුරු වාර්තා වී ඇත.
පසුගිය ඉරිදා දින පටන් ඔවුන් නිවස තුළ සිටින බවට කිසිඳු ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් අසල්වාසීන් පොලීසියට කළ දැනුම් දීමක් අනුව පොලීසිය නිවසට ඇතුළුවීමෙන් පසුව සිරුරු ඊයේ (26දා) සොයාගෙන ඇත.
ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර මූලික කර පරික්ෂණවලදී හෙළිව ඇත්තේ වස පානය කරමින් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මුලින්ම දරුවන්ට වස දී පසුව ඔහුද ඒවා පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය සැකකරයි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි.