ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුලක් ඔස්ට්‍රේලියාවෙන් පිටමන් කිරීමට එරෙහිව පැවැති තහනම් නියෝගයක් පිළිබඳව පැවැති නඩුවකින් ඔවුන් ජයගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි ජීවත්වූ දමිළ සරණාගත පවුලක් මෙසේ සිය නඩුව ජයග්‍රහණය කර තිබේ. පැය 11ක කාලයක් මෙය විභාග වී තිබේ.
නදීසලිංගම් හා ප්‍රියා නම් ශ්‍රී ලාංකික යුවළක් හා ඔවුන් දෙදෙනාගේ ඔස්ට්‍රේලියාවේ උපන් දියණියන් දෙදෙනා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සූදානම් විය.
එහෙයින් පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන් මෙල්බර්න් හි රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා තිබුණි.
තමන්ගේ පිටුවහල් කිරිමට එරෙහිව ඔවුන් විසින් ඇපෑලක් ගොනු කර ඇති අතර එය විභාග වන තෙක් ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
ඇපෑල විභාග වන දිනයක් තවමත් ප්‍රකාශ වි නොමැත.
