ලොව පුරා මේ වනවිට මාරාන්තික ලෙස පැතිරී ඇති නව කොරෝනා වෛරසය මධ්‍යම චීන නගරයක් වන වූහාන් වෙතින් නොව, උතුරු ඉතාලියේදී වෙනසකට, විකෘතියකට ලක්ව පැතිරී ඇති වෛරසයක් බව ජර්මනියේ ඉහළම වෛරස විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් කෙකුලේ පවසයි.
'G' විකෘතිය ලෙස ලෙස හැඳින්වෙන ඉතාලියේ වෛරස මාදිලිය, නව කොරෝනා වෛරසයේ ජාන විකෘති වූවක් බව මහාචාර්ය කෙකුලේ පැහැදිලි කළ අතර, චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් හිදී හමුවූ ප්‍රභේදයට වඩා මෙම නව වෛරසය බොහෝ සෙයින් බෝවන බවද හෙතෙම අවධාරණය කළේය.
මේ වනවිට කොවිඩ්-19 රෝගීන්ගෙන් 99%කට වැඩි ප්‍රමාණයක ජානමය වශයෙන් විකෘති වූ ඉතාලි වෛරස ප්‍රභේදය සොයාගත හැකි අතර, චීනයේ පවා වර්තමානයේ වාර්තා වන ආසාදන සිද්ධීන් පවා යුරෝපයෙන් සහ ලෝකයේ වෙනත් රටවල සිට නැවත එරටට පැමිණි අයගෙන් සම්ප්‍රේෂණය වූ සිද්ධීන් බව කියයි.
ඒ අනුව ගෝලීය වසංගතයක් දක්වා මේ වෛරසය පැතිරීමේ ආරම්භය උතුරු ඉතාලියේදී සිදු වූ බව ඔහු සඳහන් කළේය.
වෛරස විශේෂඥයා පැවසුවේ චීනයේ අනතුරු ඇඟවීම් පිළිබඳව ඉතාලිය වැඩි කාලයක් නොසලකා සිටීමත්, එය මර්ධනය කිරීම සඳහා ප්‍රතිප්‍රහාර නොදැක්වීමත් මෙම ගෝලීය වසංගතයට වගකිව යුතු බවය. ඔවුන් එසේ නොකර මෙය පාලනය කර ගත්තේ නම් මෙම වෛරසය ගෝලීය වසංගතයක් බවට පත් නොකර පාලනය කරගත හැකිව තිබූ බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.