කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (17දා) අලුයම වනවිට 311,000 පසුකර තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය දැක්වුණේ 311,425ක් ලෙසිනි.
එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස මේ වනවිට 4,629,575ක් ලෙස එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොව පුරා සුවය ලබා ඇති පිරිස දැක්වුණේ 1,691,613ක් ලෙසිනි.