චීනයේ කොවිඩ්-19 එන්නත් මේ වනවිට රටවල් 40කට වැඩි ප්‍රමාණයකින් ඉල්ලුම් කර ඇති බව එරට වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහමූඩ් කුරේෂි කියා සිටියේ ජනවාරි 31 වනවිට චීනයේ සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියන භාගයක් නොමිලේ ලබාදීමට චීනය එකඟ වී ඇති බවයි.
"අනාගතයේදී අපට මාත්‍රාවන් මිලියන 1.1ක් අවශ්‍ය වනු ඇති අතර ඔවුන් අපට සහතිකයක් ලබාදෙමින්, පෙබරවාරි අග වනවිට මෙම අවශ්‍යතාව සපුරනු ඇති බව කියා සිටියා." අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් ප්‍රකාශ කළේ චීනයේ සීනොෆාම් එන්නෝ මාත්‍රා 300,000ක් පෙබරවාරි මාසයේදී කාම්බෝජයට පැමිණෙන බවත්, අපේ‍්‍රල් මාසයේ අලුත් අවුරුද්දට පෙර 500,000ක් පමණ ජනතාව එන්නත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.
"චීනය විසින් එන්නත මාත්‍රා 600,000ක් කාම්බෝජයට යැවීමට පෙළඹී සිටිනවා. අලුත් අවුරුද්දට පෙර කාම්බෝජ ජාතිකයින් 500,000ක් එන්නත් කරනු දැකීමට මට අවශ්‍යයි" ඔහු පැවසීය.
මේ අතර, ඊජිප්තුව ඊයේ (24දා) වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් එන්නත් කිරීම ආරම්භ කළ බව ජනාධිපති අබ්දෙල් ෆට්ටා අල් සිසි පැවසීය.
ඊජිප්තුව ජනවාරි මුලදී සීනොෆාම් එන්නත හදිසි භාවිතයට අවසර දුන් අතර, මාත්‍රා 50,000කින් සමන්විත පළමු කණ්ඩායම දෙසැම්බර් මාසයේදී ලබා ගත්තේය.
"සෞඛ්‍ය සේවකයින්ගෙන් පසුව නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ පසුව වැඩිහිටියන්ගෙන් එන්නත් කිරීම ආරම්භ වෙනවා" ඊජිප්තු ජනාධිපතිවරයා කීවේය.