ලොව පුරා කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත් 102ක් සංවර්ධනය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එහිදී එන්නත් 7ක් මේ වනවිටත් මිනිසුන් ඇසුරෙහි සායනික අත්හදා බැලීම් සිදුකරන බවත්, චීනයෙන් වාර්තා වන එක් පාර්ශ්වයක් මෙතෙක් මිනිසුන් ඇසුරෙහි අත්හදා බැලීම් පවත්වන්නේද යන්න තවම පැහැදිලි කර නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ඒ අනුව මිනිසුන් ඇසුරෙහි සායනික අත්හදා බැලීම් අනුමත කරන කණ්ඩායම්වලින් 4ක් චීනයෙන්ද, එක් පාර්ශ්වයක් මහා බ්‍රිතාන්‍යයෙන්ද, එක් පාර්ශ්වයක් ඇමෙරිකාවෙන්ද, ඉතිරි පාර්ශ්ව ඇමෙරිකානු හා යුරෝපීය කණ්ඩායම්වලින්ද සමන්විත වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.