ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 332,876ක් දක්වා ඉහළ ගොස් ඇති බව අද (22දා) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය තහවුරු කළේය.
එම දත්තවලට අනුව මේ වනවිට ගෝලීයව වාර්තා වන ආසාදිත අගය ලක්ෂ 51ක සීමාවට පැමිණ ඇති අතර, එය අද අලුයම දැක්වුණේ 5,097,944ක් ලෙසිනි.
එහිදී වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන රට බවට ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය යුරෝපා කලාපය නියෝජනය කරමින් ඉන් අනතුරුව ඉදිරියෙන්ම සිටියි. මේ වනවිට මරණ සංඛ්‍යාව වැඩිවෙමින් මරණ 20,000 ඉක්මවා වාර්තා වන අලුත්ම රට බවට බ්‍රසීලය පත්ව ඇති අතර, ඔවුන් ලතින් ඇමෙරිකානු කලාපය හරහා මෙම ලැයිස්තුවේ ඉහළට පැමිණ තිබේ.
කෙසේ වෙතත් අද වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලබා සිටින පිරිසද මිලියන 2ක සීමාවට පැමිණ තිබුණු අතර, එය වාර්තා වූයේ 1,948,106ක් ලෙසිනි.