කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ලොව පුරා 160,000 සීමාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට වෛරසය ආශ්රිත මරණ 160,518ක් වාර්තා වෙයි.
එම දත්තවලට අනුව, ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 2,328,124ක් වාර්තා වෙයි.
සමස්තයක් ලෙස වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබීමෙන් පසුව නිවෙස් වෙත ගොස් ඇති පිරිස 600,000 සීමාවට පැමිණ ඇති අතර, එම අගය 594,192කි.