ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160,058,714ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (13දා) අලුයම වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,326,305ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
දැනට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, එරට සමස්ත ආසාදිත අගය 32,813,531ක් වන අතර, මරණ සංඛ්‍යාව 583,647කි.
දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වීම ඉන්දියාවෙනි. එරට වේගවත් වෛරසය ව්‍යාප්ති සමග මේ වනවිට සමස්ත ආසාදිත අගය 23,340,938ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව තෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 254,197ක් වාර්තාවෙයි.
තෙවනුව වැඩිම ආසාදිතයන් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම අගය 15,359,397කි. බ්‍රසීලයේ ලොව දෙවනුවට වැඩිම මරණ වාර්තා වන රට ලෙස කොවිඩ්-19 ආශ්රිත මරණ 428,034ක් වාර්තා වෙයි.
මීට අමතරව, ප්‍රංශය, තුර්කිය, රුසියාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව ආදී රටවල් පිළිවෙළින් වැඩිම ආසාදිතයන් වාර්තා වූ රටවල් ලෙස පෙළ ගැසෙයි.
මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 1,352,123,277ක් ලබාදී ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.