ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.
ඒ අනුව වයස අවුරුදු 30 ට අඩු අයට ඇස්ට්‍රාසෙනෙකා නොමැතිව, විකල්පයක් සඳහා යන ලෙස එක්සත් රාජධානියේ රජය උපදෙස් දී තිබේ.
ස්පාඤ්ඤය, පිලිපීනය, ජර්මනිය, දකුණු කොරියාව ඇතුළු රටවල් විසින් ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරසය එන්නත ලබා දෙන්නේ වයස අවුරුදු 60 ට වැඩි අයට පමණි.
ඉතාලිය නිර්දේශ කළේ ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත 60 ට වැඩි කණ්ඩායම් සඳහා පමණක් භාවිත කරන ලෙසයි.
මේ අතර ස්වීඩන් සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ ඔවුන් වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයින් සඳහා එන්නත තාවකාලිකව නවත්වන බවයි.
කෙසේ වෙතත් රුධිර කැටි ගැසීමේ අවදානම වැඩි වන බවට අනතුරු ඇඟවීම් නොතකා සමහර රටවල් කිසිදු සීමාවක් පැනවෙන්නේ නැති බවද කියයි.
මෙක්සිකෝවේ ඖෂධ නියාමක පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිතය ඕනෑම වයස් කාණ්ඩයකට හෝ පිරිසකට සීමා කිරීමට සැලසුම් නොකරන බවයි.
බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමක, එන්නත අඛණ්ඩව භාවිත කිරීම නිර්දේශ කරමින් කියා සිටියේ එහි ප්රතිලාභ අවදානම්වලට වඩා වැඩි බවයි.