ගෙවීගිය දිනයේ ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 168,912ක් සහ මරණ 904ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ඉහළ යාම ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මිලියන 13.53ක් දක්වා ළඟා වී ඇති අතර, මේ සමග එය බ්‍රසීලයේ ආසාදිත අගය වන මිලියන 13.45 ඉක්මවා ගොස් ගෝලීය වශයෙන් දෙවැනි ස්ථානයට පත් රට බවටද පත්ව තිබේ. ඒඅනුව මේ වනවිට ඉන්දියාව දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.
ඉන්දියාවේ කොවිඩ්-19 ආශ්රිත සමස්ත මරණ සංඛ්‍යාව 170,179ක් බව නිල දත්ත පෙන්වා දෙයි. ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන හින්දූන්ගේ දැවැන්ත ආගමික උත්සවයක්ද ආසාදන වැඩිවීමට හේතු විය හැකි බවට අනතුරු අඟවා තිබේ.