සීනි, කිරිපිටි, සහල්, වී යන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා හෙට (21) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
පාරිභෝගික අධිකාරියේ පනතකට අනුව පසුගිය 11 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග හා ගබඩා කර තිබෙන ස්ථාන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බවට විධාන කර තිබූ අතර, එම ලබාදී තිබූ දින හතක කාලය 18 වැනිදා සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් බවත්, එම විධාන අනුව කටයුතු නොකිරීම නීතිවිරෝධී කටයුත්තක් වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.