මේ වනවිට රට තුළ ලියාපදිංචි අපරාධකරුවන් 45514 සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් 1108 කාන්තාවන් බවත්, 44406 පිරිමි පුද්ගලයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ උපලේඛනයේ සඳහන් වැරදිවලට අනුව අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ප්‍රමාණයකදී වරදකරුවෙකු වී ඉන් එක් අවස්ථාවකදී හෝ ඊට වැඩි ප්‍රමාණයකදී සිරගත වූ පුද්ගලයන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙස සැලකෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එසේම මෙම පිරිස්වල නාමලේඛනයක් සියලු පොලිස් ස්ථාන සතු බවත්, පොලිස් බලප්‍ර‘දේශය තුළ සිටින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමට සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් පත්කර සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස නම් වූ පසු එම ලේඛනයෙන් නම ඉවත් කර ගැනීමට වසර හැත්තෑවක පමණ කාලයක් අඛණ්ඩව යහපත් පුද්ගලයෙකු ලෙස කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් මියගිය පසු ලයිස්තුවෙන් නම ඉවත් කරන බවත් ඒ මහතා පැවසීය.