නව කොරෝනා වසංගතය හමුවේ ගුවන් සංචරණ සීමා වීම හේතුවෙන් ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ මෙතෙක් කලක් ලෝකයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ ලෙස දිනා සිටි කීර්ති නාමය ගැලවී තිබේ.
ඒ වෙනුවට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ දැන් යුරෝපයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ බව කියයි.
"ප්රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්රෝව අභිභවා ගොස් තිබෙනවා. ඒ වගේම තෙවැනි හා සිව්වැනි තැන් ඇම්ස්ටර්ඩෑම් සහ ෆ්රෑන්ක්ෆර්ට් වෙත හිමිව තිබෙනවා" යැයි හීත්රෝ ප්රධාන විධායක ජෝන් හොලන්ඩ්-කයි නිවේදනය කරයි.
මෙම වසරේ මුල් මාස නවය තුළ ප්රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ වෙතින් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්රෝ හි මිලියන 18.97ක්, ඇම්ස්ටර්ඩෑම් හි ෂිපෝල් හි මිලියන 17.6ක් සහ ෆ්රෑන්ක්ෆර්ට් ඉන්ටර්නැෂනල් හි මිලියන 16.16ක් වූ බව හීත්රෝ ප්රධාන විධායක පවසයි.
හීත්රෝ ගුවන්තොටුපළ මේ වසරේදී මගීන් මිලියන 22.6ක් පමණක් අපේක්ෂා කරන අතර, එය 2019 දී මිලියන 81ක් විය. එය ලබන වසර සඳහා වන පුරෝකථනයෙන් පහෙන් දෙකකින් අඩු කර ඇති අතර ජුනි මාසයේ පුරෝකථනය කළ මිලියන 62.8 සිට මේ වනවිට 2021 දී මගීන් මිලියන 37.1ක් පමණක් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.