එක්සත් රාජධානියේ, දකුණු ලන්ඩනයේ නිවස බලා යමින් සිටියදී අතුරුදන් වූ සාරා එවරාඩ් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලන්ඩනයේ, මෙට්‍රොපොලිටන් පොලීසියේ නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්තරයක තිබී සොයාගනු ලැබීය.
48 හැවිරිදි වේන් කොසෙන්ස් නම් වූ මෙම ඝාතකයා, මාර්තු 03දා රාත්රියේදී මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර, සාරා එවරාඩ් එදින රාත්‍රී 9.30ට පමණ ක්ලැෆම් හි ප්‍රධාන මාර්ගයක තනිවම ඇවිද යන අයුරු සීසීටීවී දර්ශනවලින් තහවුරු කරගෙන තිබේ.
ඩර්හැම් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකද වන සාරා එවරාඩ්ගේ මෙම අතුරුදන්වීම සහ ඝාතනය ලන්ඩනයම භීතියටත්, දැඩි ශෝකයටත් පත්කර ඇති අතර, ඇය බොහෝ මිත්‍රශීලී ආදරණීය චරිතයක් ලෙසද විශ්ව විද්‍යාලය හඳුන්වාදී තිබේ.
මේ පිළිබඳ ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, 2018 වසරේදී පොලීසිය සමග සම්බන්ධ වී ඇති මෙම ඝාතනයට සම්බන්ධ නිලධාරියා, අත්අඩංගුවට පත් දිනයේ සිට දෙවැනි වරටත් රෝහල්ගත කළ බවද පවසයි. ඔහු තම සිරමැදිරිය තුළදී හිසට තුවාල කරගෙන තිබීම ඊට හේතු වී ඇති අතර, ඔහු සියදිවි හානිකර ගැනීමකට තැත්කර ඇති බවට පොලීසිය විශ්වාස කරයි. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධ සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.