කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 94,000ක් බ්‍රසීලය අභිභවා යමින් ලතින් ඇමරිකානු කලාපය සමස්ත මරණ සංඛ්‍යාවද 200,000ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (02දා) නව කොවිඩ්-19 මරණ 541ක් වාර්තා කළ අතර ඒ සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 94,104ක් දක්වා ඉහළ ගියේය.
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්වලින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාවද මේ වනවිට 200,000ක් ඉක්මවා ඇති අතර, එහිදී කලාපය තුළ බ්‍රසීලය වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ, කලාපයේ සමස්ත මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සමගිනි.
අලුතින් තහවුරු වූ රෝගීන් 25,800ක්ද බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති අතර බ්‍රසීලයේ ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,733,677ක් දක්වා ඉහළගොස් ඇත.
ආරම්භයේ සිටම වෛරසය පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල නායකයාගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය හමුවේ අවසානයේ ඔහුට මෙන්ම ඔහුගේ බිරිඳටද වෛරසය ආසාදනය වූ අතර, රටේ මිලියන ගණනක් ජනතාව වෛරසයට ගොදුරුව තවත් ලක්ෂයකට ආසන්න පිරිසකට සිය ජීවිතවලින් දැනටමත් වන්දි ගෙවීමට සිදුව තිබේ.