නව කොරෝනා වෛරස වසංගතයට ගොදුරු වූ ලොව දරුණුතම කලාපය බවට පත්වෙමින්, ලතින් ඇමෙරිකාව කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක් ඉක්මවා වාර්තා කර තිබේ.
කොලොම්බියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව ආසාදිතයන් 10,000කට වැඩි සංඛ්‍යාවත් සමග කලාපය මිලියන 5 ඉක්මවා ගොස් ඇත.
මෑත දිනවල මෙක්සිකෝව විසින් වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, වසංගතය විසින් ප්‍රථම වරට දෛනිකව ආසාදිතයන් 9,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ.
එසේම ලතින් ඇමෙරිකානු කලාපයේ මේ වනවිට මරණ 200,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය පැතිරීම නැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, බොහෝ රටවල ආසාදන වේගයෙන් ඉහළ යමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.