කල්කුඩා පොලීසියේ පරිපාලන ඒකකය භාරව කටයුතු කළ පොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කර්මාන්ත ශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම වෙනුවෙන් පොලීසියේ නිර්දේශ ලබාගැනීමට අවශ්‍ය වී ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මුලක් මොහු විසින් ඉල්ලා තිබේ. එයින් ලක්ෂ තුනක් ලබාගැනීමේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
