ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කළ සැකකරවෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පමුණුම, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගේ ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලෙස ලබාගත් මුදල් කැෂිනෝ ක්‍රීඩාවේ යොදවා ඇති අතර ඔහු අවුරුදු 31 ක් වන සරන ප්‍රදීප් නම් වැලිකැටිය, පමුණුගම පදිංචිකරුවෙකි.
