ලක්ෂ 48කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චීන ජාතික කාන්තාවක ඊයේ (03දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක වන අතර ඇය මෙරට පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12ක පමණ කාලයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.
සැකකාර චීන ජාතික කාන්තාව ඊයේ රාත්‍රී 11.30ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ගුවන්තොටුපොළේ හරිත මාවත හරහා පිටව යමින් සිටියදී , ඇය පරීක්ෂා කළ රේගු නිලධාරීන් විසින් සැකකාර කාන්තාවගේ ගමන් මල්ලේ සඟවා තිබූ මැණික් තොගය සොයාගෙන තිබේ.
එහි විශාල මැණික් කැට 18ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට විශාල ප්‍රමාණයක් බහා තිබූ පාර්සල 13ක් සොයාගත් අතර , එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් මැණික් තොගය රාජසන්තක කළ අතර , චීන ජාතික කාන්තාවට රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.





ටී. කේ ජී කපිල