රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230ක් සගවා ගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අද (28දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ටී.කේ ජී කපිල