රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් අද (28) සවස පුත්තලම නගරයේදී සහ මුල්ලිපුරම් වලදී අත් අඩංගුවට ගත් බව පුත්තලම ධිවර සහකාර අධ්යක්ෂ කාර්යාල පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම නගරයේ අලෙවි සැලක අලෙවි කිරිම සදහා රහසිගතව සඟවා තිබු තංගුස් දැල් තොගයක් හා එම ව්‍යාපාරිකයාට අයත් මුල්ලිපුරම් ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබු දැල් තොගයක් බව පැවසේ.
මෙයට පෙර අවස්ථා කිපයක් අදාළ තහනම් තංගුස් දැල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථානය වටලා තිබු අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වි තිබු බව පැවසේ.
මෙම වැටලිම සදහා පුත්තලම තම්බපණ්ණි නාවුක කඳවුරේ සහ පාලවිය යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහාය ලැබි තිබු අතර අත්අඩංගුවට ගත් සමස්ත දැල් තොගය කිලෝ 300 ඉක්මවන බවද ධිවර නිලධාරීහු පවසති.
1996 අංක 2 දරන ධිවර හා ජලජ සම්පත් පනතේ 28 වන වගන්තිය අනුව තහනම් කර ඇති බව පැවසේ.
පුත්තලම සහකාර ධිවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ අදාළ ව්‍යාපාරිකයා මෙම දැල් තොගය සමග අත්අඩංගුවට ගත් බවත් සන්තකයේ තබා ගැනිම, මසුන් ඇල්ලිමට අලෙවි කිරීම හා ගබඩා කිරිම යන චෝදනා යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි.
වැටලිමට පුත්තලම සහකාර ධිවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා සමග වනාතවිල්ලුව ධිවර නිලධාරි තුෂාන් තිවංක , මංගලඑළිය ධිවර නිලධාරි තාරක නදීශාන් ඇතුළු නිලධාරින් රැසක් වැටලිමට එක්වි තිබුණි .
සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර