ඉන්දියාවේ සිට මෙරටට නීතී විරෝධී ලෙසින්,මුහුදු මගින් රැගෙන ආ බවට සැක කහ කිලෝ 1004ක් ප්රවාහනය කරමින් තිබිය දී ඒවා ප්රවාහනය සදහා යොදා ගත් ලොරි රථය ද සමගින්,කල්පිටිය ඒත්තාල ජුබිලි මාවතේ දී අද (25 )දින,කල්පිටිය විජය නාවුක හමුදාව විසින්,අත් අඩංගුවට ගෙන ඇති අතර,පසුව කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත.මෙම කහ තොගයේ වටිනාකම ආසන්න වශයෙන් තිස් පන් ලක්ෂයක් පමණ වේ.
ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම නාවුක හමුදාව විසින් සිදු කර ඇති අතර,එහිදී සැක කරු පළා ගොස් ඇතැයි නාවුක හමුදාව පවසයිසැක කරු සහ ලොරි රථයේ හිමිකරු සොයා පරීක්ෂණ ක්රියාත්මක බැව්,කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.වැඩි දුර පරීක්ෂණ ක්රියාත්මකයි.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි