රුපියල් ලක්ෂ 3880ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 32.329ක් සමග බංග්ලාදේශ ජාතික කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15දා) පෙ.ව. 11.30ට පමණ ඇය අත්අඩංගුවට ගෙන තිබේ. මුලින්ම ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හොරොයින් කිලෝ ග්‍රෑමයක් සොයාගෙන ඇති අතර පසුව ඇය කුලියට පදිංචිව සිටි රත්මලානේ නිවසක් පරීක්ෂා කිරිමේදි තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 31.329ක් සොයාගෙන ඇත.
අත් අඩංගුවට පත් සැකකාරිය අවුරුදු සුර්ජෝ මෝනි නම් අවුරුදු 23 තැනැත්තියකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.