අමාත්‍යාංශ සඳහා රුපියල් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
එසේම එවැනි කරුණු ඇතුලත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.
එසේම අමාත්‍යවරුන්ට, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතිරී යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය.