අම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා මැන්ඩි නම් අලුත්ම වර්ගයේ මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අද (20 ) අම්බලන්ගොඩ ධීවර වරායේදි අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගත් මේ බහුදින යාත්‍රාව අම්බලන්ගොඩ ධීවර වරායේම ආරක්ෂා සහිතව තැබීමට කටයුතු කළ බවත් මේ ධීවර යාත්‍රාව මැන්ඩි මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් විභාගවන නඩුවේ නඩු භාණ්ඩයක් කරන බවත් දෙහිවල පොලීසියේ ප්‍රකාශකයකු පැවසීය.
නඩු භාණ්ඩයක් වන ධීවර වරායේ නැංගූරම්ලා තිබෙන මේ බහුදින යත්‍රාව පිළිබද තොරතුරු ඡායාරූප හෙට (21) බලපිටිය අධිකරණයට කරුණු ගොනු කරන බවද ඔහු කීවේය.
අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් මේ බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතුවල යෙදීම තහනම් කිරීමටද පියවරගත් බවද පැවසීය.
ඉදිරි අධිකරණ කටයුතු සදහා මේ බහුදින යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අම්බලන්ගොඩ පොලීසියේ භාරයට අද (20 ) පත් කරන ලදි.
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත