මොරටුව ප්රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනයවූ බස්රථයක ගුද මාර්ගයේ සඟවා ගෙන හෙරොයින් ප්රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු කුඩාඔය ප්රදේශයේදී ඌව-කුඩාඔය පොලීසිය මඟින් (29) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හෙරොයින් පැකට් 100 ගුද මාර්ගයේ සඟවා ගෙන ප්රවාහනය කැර ඇති අතර එහි බර ග්රෑම්ස් 06 මිලිග්රෑම් 750 පමණ වේ.එම හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 08 පමණ වේ.
සැකකරුවන් කුඩාඔය සහ මොරටුව ප්රදේශ වල පදිංචි 23,32,36 සහ 42 හැවිරිදි වැල්ලවාය ප්රදේශයට හෙරොයින් බෙදාහරින ප්රමුඛ පෙලේ ජාවාරම්කරුවන් බවට අනාවරණයවී ඇත.
සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථන සහ ටෙලර් කාඩ් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සී ප්රසාද් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදුකැර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක