තුර්කිය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල සංචාරකයින් සඳහා ප්‍රංශය දින 10ක අනිවාර්යය නිරෝධායන නීතියක් පැනවීමට කටයුතු කරන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නවතම යාවත්කාලීන කිරීමකින් හෙළි වී තිබේ.
මේ සමග ප්‍රංශයේදී සංචාරක නිරෝධායනයකට යටත් වන රටවල් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙම රටවල් වන්නේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, චිලී, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, පාකිස්තානය, කටාර්, ශ්‍රී ලංකාව සහ තුර්කියයි.
ප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.