පුත්තලම, ලක්විජය බලාගාරයේ 1 වන ඒකකයේ බී මට්ටමේ නඩත්තු කටයුතු සඳහා වන නිපුණතා ශ්‍රම බලකාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව චීනයේ China Machinery Engineering Corporation සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිරිදේශ මත මෙම කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.84ක මුදලකට පිරිනමා තිබේ.
මේ සඳහා වන කැබිනට් යෝජනාව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.