ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්රයේ ප්රදර්ශනයට තබා තිබේ. රත්රන්, ලෙදර්, සිල්ක් හා දියමන්ති උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙය නිෂ්පාදනය ඇත්තේ ඉතාලියේදීය. කැරට් 15ක වටිනාකමකින් යුතු දියමන්ති 236ක් මෙම පාවහන් යුගළ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත.