රුසියාව තුළ තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 230,000 ක් ඉක්වමා වාර්තාවීමත් සමගින් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වැඩි දෙවැනි රට බවට රුසියාව පත්විය. ඔවුන් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
රුසියාවේදී ඊයේ දිනයේදී තහවුරු කළ රෝගීන් 10899ක් වාර්තා වීමත් සමග එරට ආසාදිතයන්ගේ සංක්යාවය 232243ක් බවට පත්විය. ඇමෙරිකාවේ රෝගීන් ලක්ෂ 13 ඉක්මවා තිබේ.
කෙසේ වෙතත් රුසියානු ජනපතිවරයා අද සිට සිය කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඊයේ පැවැසීය.
වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අනෙකුත් යුරෝපීය රටවල් හා සසඳන විට රුසියාවේ වාර්තා වී ඇති මරණ අනුපාතය බෙහෙවින් අඩු ය. ඊයේ වන විට නව මරණ 107 ක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,116 කි.