ලෝකයේ සෑම රටකම අරමුණ එකක් බවත්, ඒ ලෝකය පෙර පරිදිම ඉදිරියට ගෙනයෑම සඳහා නව කොරෝනා වෛරසය පරාජයට පත්කිරීම බවත් චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
ලෝකයම වෙලාගෙන ඇති මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීමටත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නැංවීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව සහයෝගීතාව දැක්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් චීන නායකයා පවසා සිටියේ, ආසියා - ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ ප්‍රධානීන්ගේ හමුවට පෙර පැවති, එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි.
මෙවර ආසියා - ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ සමුළුව මැලේසියාවේ ක්වාලලම්පූර් නුවරදී පැවැත්වනු ලැබුවේ අතථ්‍ය සමුළුවක් ලෙසිනි.
චීනය තවදුරටත් ලෝකය සමග එක්ව සියලු ප්‍රජාවගේ ප්රගමනයට කටයුතු කරන බව පැවසූ චීන නායකයා ඒ බව සපථ කළේ මෙලෙස අදහස් දක්වමිනි.
"ඉදිරියේදී තීරුබදු සහ ආයතනික පිරිවැය අප තවදුරටත් අඩු කරනවා. එසේම ලෝකයේ සෑම රටකින්ම සිදුකරන ඉහළ ගුණාත්මකබවින් යුතු නිෂ්පාදන සහ සේවා ආනයන ඉහළ නංවනවා. තාක්ෂණික නවෝත්පාදනය හරහා සිදුකෙරෙන ද්වී සංසරණ සංවර්ධන මොඩලයක් හරහා ගුණාත්මක සංවර්ධනයක් ළඟාකරගැනීමට කටයුතු කරනවා.* යැයි ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.