ජර්මනියේ බර්ලීන් නගරයේ රාත්‍රී සමාජ ශාලා වෙත පිවිසෙන්නන් සඳහා කොවිඩ්-19 පරීක්ෂණ සිදුකරමින් ඒවා තවදුරටත් අගුලු දැමීම වැළැක්විය හැකිදැයි තක්සේරු කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් සිදුකර තිබේ.
ඒ අනුව මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතිය සිදුකර ඇත.
එහිදී සමාජ ශාලාවලට ඇතුළත් කර ගැනීම සඳහා "ක්ලබ්කල්චර් රීබූට්" නමින් නම් කරන ලද ව්‍යාපෘතියේ සියලුම සහභාගීවන්නන් සඳහා පසුගිය සිකුරාදා PCR පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී සෘණාත්මක ප්‍රතිඵල පෙන්වූ අයවලුන් වෙත පමණක් එම අවස්ථාව ලැබී ඇත. PCR පරීක්ෂණයදැනට කොවිඩ්-19 හඳුනා ගැනීමේ වඩාත් විශ්වාසදායකම ක්‍රමයයි.
කොවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීමෙන් නගරයේ රාත්‍රී සමාජ ශාලා තවත් අගුලු දැමීම වැළැක්විය හැකිදැයි තක්සේරු කිරීම සඳහා වූ මෙම නියමු ව්‍යාපෘතියේදී මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ගැන අවධානය යොමු නොකරමින් කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇති අතර, ඒ අනුව මෙම මෙම සති අන්තයේ බර්ලිනයේ රාත්‍රී සමාජශාලා 6ක් එලෙස දොරවල් විවෘත කර තිබේ.
රාත්‍රී සමාජශාලා වැනි ස්ථාන කොවිඩ්-19 පැතිරයාමේදී යුරෝපා රටවල ප්‍රධාන සාධකයක් වූ අතර, පසුගිය කාලය පුරා මෙම ස්ථාන වසා දැමීමට සිදුවිය. වර්තමාන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ යළිත් අභියෝගයට ලක්ව ඇති එම ව්‍යාපාර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදුකර තිබේ.