මහත් ආන්දෝලනයට තුඩු දුන් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
කිසියම් පිරිසක් දින කිපයකට පෙර එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් සිදුකර තිබීම සම්බන්ධව වනාතවිල්ලුව පොලීසිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරික්ෂක දැනුවත් කර තිබුණි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව් දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුනී.
ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබී ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුව සොයා ගැනිමට සමත් වී තිබුනී.
සටහන ජායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ